ඔබ පුරුෂයෙක්ද? කාන්තාවක්ද? ඔබේ ලිංගිකත්වය සොයා ගැනීමට අපහසුද? ඔබට කැමති ආකාරයෙන් ඔබේ ලිංගය තෝරා ගත හැකි විශ්මිත සැත්කමක් ගැනයි මේ....
ඔබ උපතින්ම පුරුෂ ලිඟුවක් සහිතව උපන් අයෙක් උනත් ඔබේ පවුලේ අය පිරිමි දරුවෙක් ලෙසින් ඔබට සැලකුවත් ඔබේ ශරීරය තුල ජීවමානව සිටින්නේ කාන්තාවක්ය.ඉතින් ඔබ හිතන්නේ කාන්තාවක් සිතන පරිදිය. කලිසම් කමිස ගොඩක හිරවුනු ඔබ ගවුමක් අඳින්න අසාවෙන් ඉන්නවා නේද? පියයුරු අතගා බලන ඔබ පිරුණු කාන්තා පියයුරු යුගලක් ගැන සිහින මවන්නට ඇති..
ඒ සියලු කාරණා තවදුරටත් සිහිනයක් නොවන්නට නොවරදින ක්‍රමයක් අපට ලැබෙන්නේ ප්ලාස්ටික් ශල්‍යකර්ම වලට පින්සිදුවන්නටය..මේ පිළිබඳ . විශේෂඥ වෛද්‍යවරයෙකු වන චෙට්ටාවුට් මහතා විසින් සුන්දර යුවතියක් ලෙසින් සමාජය ඉදිරියට පැමිණීමට විශ්මිත ශල්‍යකර්ම සිදුකරයි.
sex reassignment surgery (SRS) හෙවත් ලිංගික ප්‍රතිස්ථාපිත සැත්කම මගීන් සුකොමළ යුවතියක් ලෙසින් පුරුශාකර්ශනය ලබා ගන්න පුළුවන්.මෙම SRS තාක්ෂනය අනුව අලුතින් යෝනි මුඛයක් ස්ථාපනය කල හැකි අතර ශිෂ්ණය ඉවත් කර මෞත්‍ර ලිංගික ප්‍රදේශය ඉතා සුන්දර ආකාරයෙන් පිළිසකර කරනු ලැබේ.
චෙට්ටවුට් වෛද්‍යතුමා පවසන ආකාරයට යෝනියේ ඇතුළු පැත්තේ තොල් පෙති රෝස පාටින් දිස්වන අයුරින් පිළිසකර කරන අතර සම්පුර්ණයෙන් යෝනි මාර්ගය ස්ථාපනය කරයි.සියලු කාර්යයන් සිදු වන අයුරින් මේ සාදනු ලැබේ.
සංසර්ගයේදී අවශ්‍ය පරිදි විස්තාරණය කල හැකි පරිදිත් තෘප්තිමත් වන ආකාරයෙන් සකසනු ලැබේ.
යෝනි විවරයේ ගැඹුර ගැන විමසීමද වැදගත් වේ.කුඩා හෝ සාමාන්‍ය ප්‍රමානයක් සහිත ශිෂ්නයක් සහිත අයෙකුගේ සැත්කමකදී අගල් 6.5ත් 7 ත් අතර ප්‍රමාණයේ යෝනිවිවරයක් සාදා ගත හැකිය.
එසේම ලිංගික කාර්ය සඳහා අන්තරාග්‍රන්ථී පිළියෙළ කිරීම ඉතා සියුම්ව සිදුකරන් අතර ලිංගේන්ද්‍රිය අවට රෝම පිළියෙළ කිරීම සඳහා විශේෂිත සමක් යොදාගනු ලැබේ.එසේම මූත්‍ර මාර්ගය සංකීර්ණ ලෙස ගොඩනගා ඇති අතර ඊට අදාළ පේශි වර්ගද සංකෝචන ඉහිල්වීමට ගැලපෙන ලෙස නිම කරන බව වෙදැදුරු පවසයි.
මෙම සැත්කමේදී පවතින අභියෝගාත්මක කාර්යබාරයවනුයේ ඉතා හොඳ සංවේදනයක් හැගීම් දනවන අයුරින් ලබාදීමයි.ශිශ්නයට සම්බන්ධ ස්නායු පද්ධතිය සියුම් ලෙසින් යෝනි මාර්ගයට සම්බන්ධ කරනු ලැබේ.
මෙම විශ්මිත සැත්කම සුළුවෙන් තැකිය නොහැකි මානව ඉතිහාසයේ වැදගත් සංදිස්ථානයකි.කෙනෙක් ලිංගිත්වය නිසා සමාජයෙන් එල්ලවන ගැරහුම් වලින් පීඩාවට පත්වන වකවානුවක ඉතාම හොඳින් සැත්කමකින් සුරූපී කතක් විය හැකිය.