ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම

එල්පී ගෑස් සම්බන්දෙන් කතා කරද්දි මේ වෙද්දි ජාත්‍යන්තර වෙළෙඳ පළ විවිධ ආකාරයෙන් මිල උච්චාවචනයන් වලට මුහුණ දුන්නු කාලසීමාවක්.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල උච්චාවචනයන් සෘජුවම ලංකාවෙ අපිටත් බලපානවා.ඒ කෙසේ නමුත් වගකියයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම ඉදිරි උත්සව කාලය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.


හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය අති සාර්ථකව අවසන් වේ

ඒ අනුව ආරම්භ වූ අන්තර් පාසල් දැනුම මිනුම කථික තරගාවලියේ අවසන් මහා තරග පසුදිනක පැවැත්වූ අතර ඒ තුළින් දක්ෂ කථිකයන් සහ නුවණැති දරුවන් කොට්ඨාශයක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා.

හෙට සුරකින අපේ ළමයි කියන තේමාව යටතේ පාසල් දරුවන් අතර විධිමත් තරගාවලියක් ආරම්භ කළ ලිට්රෝ සමාගමට මුලින්ම මේ තරඟාවලිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රමුඛ දායකත්වයක් ලැබුණා.

දිවයින පුරා පාසල් 264ක් එවගේම තරඟකරුවන් 1320ක් උණුසුම් තරග වට සිය ගණනක් සමගින් හෙට සුරකින අපේ ළමයි අන්තර් පාසල් දැනුම මිනුම හා කථික තරගාවලිය ආරම්භ වූ අතර අති සාර්ථක ආකාරයෙන් සමස්ත දිවයිනම ආවරණය කරමින් මේ තරගය පැවැත්වීමට ඔවුන්ට හැකියාව ලැබුණු බවත් සිහිපත් කළ යුතුයි.

කථික තරගය අවසන් වටය නියෝජනයේ කළේ තණමල්විල ජාතික පාසල සහ හොරණ රාජකීය විද්‍යාලයයි. පාසල් දෙක අතර පැවැති තියුණු තරගාවලියෙන් අනතුරුව අවසානයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස අභිෂේක ලැබුවේ තණමල්විල ජාතික පාසලයි. එවගේම ජයග්‍රහනය ලැබූ කණ්ඩායම් සහ අනු ශූරතාවශූරතාවය ලැබූ කණ්ඩායම් වෙනුවෙන් ලිට්රෝ සමාගම ඉතාමත් වටිනා කියන ත්‍යාග ලබා දීමත් සිදු කළා.

ඉතින් මෙවැනි සමස්ත ලංකා මට්ටමෙ තරගයක් සංවිධානය කිරීම තුළින් ඇත්තටම ඉදිරි පරම්පරාවට එල්පී ගෑස් පරිභෝජනයේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සහ ඒ තුළින් ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා.

එනිසාම ලිට්රෝ වැනි දැවැන්ත සමාගමක් අනාගතය වෙනුවෙන් මෙවැනි අති දැවැන්ත තරගාවලියක් සංවිධානය කිරීමෙන් සිදුකළ අනාගත ආයෝජනය අගය කළ යුතු අතරම මෙවැනි උදාර සංකල්පයන් යළි යළි ක්‍රියාවට නංවන්නට ලිට්රෝ සභාපතිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.








ඔබට රාත්‍රියේදී සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වන ස්මර්ට් උපකරණ හයක්


ඔබට රාත්‍රියේදී සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වන ස්මර්ට් උපකරණ හයක්

රාත්‍රියේදී සුව නින්දක් නොලැබීම නව දිනක් ආරම්භය සදහා සුදුසු නොවේ.නමුත් වාසනාවකට මෙන්,ඔබට රාත්‍රී සුව නින්දක් ලබාදීමට උපකාරී වන උපකරණ රාශියක් පවතීි.මෙම උපකරණ සදහා වැඩි මුදලක් වැය නොවීමද වාසියකි.
එවැනි උපකරණ වර්ග කිහිපයක් පහත සදහන් වේ.


1.විතින්ග්ස් ඕරා ස්මර්ට් නිදන පද්දතිය

මහ හඩින් මොරදෙන එලාම් ඔරලෝසුවේ ශබ්දයට අවදිවීම ඔබට හිසරදයක්ද?ඔබට නිසැකවම සරිලන උපකරනය විතින්ග්ස් ඕරා විය හැකිය.යහන අසලම ඇති මෙම යන්ත්‍රෝපාංගය මගින්,නින්දේදී ශ්‍රාවය වන හෝමෝන වර්දනය සඳහා උපකාර වන LED ආලෝකය ලබාදේ.
අවදි වීමට කාලය උදා වනවිට විතින්ග්ස් ඕරා මගින් ව්‍යාජ වූ සූර්යය උදාවක් නිර්මාණය කරයි.එමගින් ඔබට ශක්තිජනක සහ ප්‍රබෝදමත් උදෑසනක් ලබා දේ.
මෙහි ඇති ස්පීකරය මගින් 20000 ක් පමණ වූ වෙබ් රේඩියෝ නාලිකාවන්ට සවන් දීමටද හැකිය.
ඔබ නිදාගන්නා ආකාරය පිලිබඳව ඔබට වැඩිදුර දැනගැනීමට අවශ්‍යද?
විතින්ග්ස් ඕරා හි ඇති sleep sensor උපකරණය මගින්,
*ඔබ නිදාගන්නා කාලසීමාව.
*ඔබ නිදාගන්නා ආකාරයේ වෙනස්වීම්.(ගැඹුරු සහ සැහැල්ලු)
*ඔබ අවදි වන වේලාව
        සහ
*ඔබ අවදි වීමට සුදුසුම වේලාවද
             මැනගත හැකිය.
මෙට්ටය යට තබාගත හැකි මෙය විතින්ග්ස් ඕරා සමග නොමිලයේම ක්‍රියා කරයි.
විතින්ග්ස් ඕරා අප ලයිස්තුවේ ඇති අංග උපාංග කිහිපයකින්ම යුතු මිල වැඩිම උපකරණයයි.

2.මිස්ෆිට් බෙඩ්ට් sleep ට්‍රැකර් සහ වෙල්නස් කෝච්

මිස්ෆිත් ද ඔබට වඩා හොද නින්දක් ලබාගැනීමට උපකාරී වන මෙවලමකි.රාත්‍රී නිදාගැනීමේ පුරුදු පිලිබදව අවබෝදයක් ඔබට මෙමගින් ලබාදේ.
ඔබගේ මෙට්ටය යට තබා ගත හැකි පටිය,ඔබගේ ස්වසනය,හෘදස්පන්දනය,චලන,ගෙරවීම සහ එහි ශබ්දය සලකා බලා ඔබ නිදාගන්නා ආකාරය සහ එහි ගුණාත්මක භාවය පිලිබදව තොරතුරු රැස් කරයි.එම රැස් කරගත් දත්ත ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් දෘශ්‍ය සංඛ්‍යාත සහ නිදන වගු ලෙස ඔබට ලබාගත හැකිය.
*නිදාගන්නා විට සවන්දිය හැකි සියුම් නාද
*සැහැල්ලු නින්දේදී ඔබව අවදි කරවන එලාම් නාදය
*ඔබ නිදාගන්නා ආකාරය පිලිබදව අවබෝදය සහ නිවැරදි කරගත යුතු නිදන ආකාර පිලිබද තොරතුරු ලබාදීම මෙහි ඇති තවත් විශේෂ ලක්ශනයන්‍ ය.
LED ආලෝකය හැර විතින්ග්ස් ඕරා හි ඇති සියලුම උපාංගන් මෙහිද අන්තර්ගතය.

3.සෙන්ස්

මෙය සිත්ගන්නාසුලු පෙනුමකින් යුක්තය.මෙහි ඇති වෘත්තාකාර වස්තුව ඔබගේ කොට්ටයට සම්බන්ද කර ඇති කුඩා ඒකකය සමග ක්‍රියා කරයි.උෂ්ණත්වය,ආලෝකය හා ශබ්දය ගැන සලකා බලා ,ඔබ නිදාගන්නා ආකාරය පිලිබදව සම්පූර්ණ විස්තරයක් ලබාදීම සදහා මෙම උපකරන දෙක එක්ව ක්‍රියා කරයි.
මෙහි ස්මර්ට් එලාම් එකක් සහ අවදි වීම සදහා සුදුසු මිහිරි නාද 15ක්ම ඇත.එම නාදයන් එලාමය නාද වීමට විනාඩි 30කට පෙර සිටම ඔබව අවදි කරවයි.

ඔබත් කාන්තාවක් ලෙසින් මෙවැනි රෝගවලින් පීඩා විඳිනවද?

එසේනම් මොහොතක් මේ ගැනත් බලන්න. අද ලෝකයේ කාන්තාවන්ගෙන් 95%ක්ම මූණ දෙන ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග ගැනයි මේ.... යෝනි විවරය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ ඇති වටිනාම ඉන්ද්‍රිය වේ.අපි කතා කරන්න හදන්නෙත් යෝනිය සම්බන්ධ රෝග ගැනයි.ඊට පෙර යෝනියේ කාර්යය මොකක්දැයි දැනගමු.යෝනිය පිහිටන්නේ මූත්රශයත් ශ්‍රෝණියත් අතර ප්‍රදේශයේය.සංසර්ගයේ යෙදීමේදී ශිෂ්ණය ඇතුළු කරනුයේ යෝනිය හරහාය. නමුත් වර්තමානයේ කාන්තාවන් බහුල ලෙස යෝනිය ආශ්‍රිත ලෙඩ රෝග වලින් බලවත් ලෙස පීඩා විදිනවා.මූලික වශයෙන් යෝනිය අවට කැසීමට සිදුවන අතර අස්වාභාවික ස්රාවයන් පිටවීමද සිදුවේ.මේ අයුරින් කාන්තාවන්ගේ යෝනිය සම්බන්ධව පවතින ගැටළු පහත පරිදිවේ. 1.ඝන කහ කොළ පාට ශ්‍රාවයන් පිටවීම. 2.උකු සුදට හුරු අළු පැහැති ශ්‍රාවයන් පිටවීම. 3.යෝනි ශ්‍රාවය සාමාන්යෙන් සුදු හෝ කහ පාට වීම 4.ලිංගික කාර්යයේදී දැවිල්ලක් ඇතිවීම 5.යෝනිය අවට දැවිල්ලක් ඇතිවීම 6.යටිබඩේ රුදාවක් ඇතිවීම 7.මුත්‍රා කිරීමේදී වේදනාවක් ඇතිවීම. 8.යෝනියෙන් රුධිර වහනය වීම 9.යෝනියෙන් දුර්ගන්ධයක් ඇතිවීම ඉහත ගැටළු ඔබටත් පවතීනම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගත යුතුය. අදවන විට පවතින සුලබතම රෝගය යෝනිදාහයයි එනම් ඉදිමුම සහිත දැවිල්ලක් යෝනිය අවට ඇතිවීමයි.කාන්තාවක් දරුවකු බිහිකිරීමේ අවධියට පැමිණිවිට බැක්ටීරියා ආසාදන හේතුවෙන් යෝනිදාහය ඇතිවිය හැකිය. යෝනිය වියළීමේ තත්වයද කාන්තාවන් අතර බහුලව පවතින ආබාධයකි.ඔසප් වීමට පෙර හෝ පසුව යෝනිය වියළීමේ තත්වයක් ඇතිවීමෙන් සංසර්ගය සඳහා බාධා ඇතිවේ. යෝනිය අවට ඇති අවයව වලද විවිධ ආබාධ පැවතිය හැකිය.උදහරණයක් ලෙස මූත්රාශය පහත් වීම සැලකිය හැකිය.දරුවකු බිහිකරන අවස්ථාවක මෙයපේශිවල සංකූලතා නිසා සිදුවිය හැකිය. යෝනිය ආශ්‍රිතව පවතින භයානකම රෝගය යෝනි පිළිකාව වේ.මෙය මාරාන්තික අවස්ථාවක් වන අතරම යෝනිය ආශ්‍රිත පිලික සෛල වර්ධනය විය හැකිය. ඔබ කාන්තාවක් නම් ඔබට වැළදෙන රෝග වලට මුල් අවස්ථාවෙම ප්‍රතිකාර කරගැනීමෙන් දීර්ඝ කාලින සුවයක් ලැබිය හැකිය

ක්‍රිකට් පිටියේ සුපිරි වැඩ්ඩෙක් වෙන්නේ කොහොමද?

ක්‍රිකට් පිටියේ සුපිරි වැඩ්ඩෙක් වෙන්නේ කොහොමද? ඔබත් සුපිරි පිතිකරුවෙකු වීමට කැමතිද? ලෝක පූජිත ප්‍රහාරාත්මක පිතිකරුවකු වීමේ ශිල්පීය ක්‍රමවේදය අපෙන්.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව අතිශයින් උණුසුම් වන කාල පරිච්ඡේදයක් මේ.ලෝක කුසලානේ උණුසුම අවසන් වනවාත් එක්කම IPL තරගාවලිය ඇරඹෙනවා ඇත. මේ සියලු තරඟවල තීරණාත්මක සාධකය පිතිකරුගේ භූමිකාවයි.ඉතින්  කුමාර් සංගක්කාර ,සනත් ජයසුරිය, මහේල ජයවර්ධන වැනි සුපිරි පිතිකරු බලඇණියට අලුතින් ඔබත් එකතු වන නොවරදින මග මෙසේය.

මුලින්ම ඔබ ඉතාම හොඳින් පන්දුව නිරීක්ෂනය කල යුතුය.මෙහිදී පන්දුව පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන මොහොතේම ඉතාම ක්ෂණික ලෙස  පහර තීරණය කල යුතුය.එසේම පන්දුව දෝලනය වන ස්ථානය තියුණු ලෙස සැලකිය යුතුය.

මින් පසුව ඔබ ඉතාම හොඳින් එල්ල කලයුතු පහර තීරණය කිරීම වැදගත් වේ.පන්දුවේ ස්වභාවය අනූව පාද ඉදිරියට හා පසුපසට චලනය කරමින් පන්දුව මනාව පාලනය කරමින් පහර දිය යුතුය.

විශේෂම කරුණ වන්නේ පිත්ත හැසිරවීම වේ.පිත්ත ඉදිරියට හෝ පැත්තට චලනය කරමින් පන්දුව නිවැරදි තැන්වලට ස්ථාන ගත කල යුතුවේ.අනික් කරුණ වන්නේ නිවැරදි ලෙස කාල ගණනය කිරීමයි.ප්‍රමාදය ඔබ දැවුණු ක්‍රීඩකයකු කරවයි.
එසේම විකට්ටුවේ සිටින විට සමතුලිතතාවය පවත්වා ගැනීමත් අවම දුරක් පවත්වා ගැනීමත් වැදගත් වේ.තවද පන්දුව හඳුනා ගැනීම වැදගත්. මානසික එක්ග්රතාවය පවත්වා ගෙන කඩුල්ලේ රැඳී සිටීම අවශ්‍ය වේ.

පන්දුවට මූණදීමකදී මුලින්ම හිස චලනය කර පසුව දෙපා චලනය කිරීම දක්ෂ පිතිකරුවකුගේ ලක්ෂණයකි.

ඉහත උපදෙස් පිළිගෙන ඔබත් විශිෂ්ට පිතිකරුවෙකු වන්න.ඔබේ පිතිහරඹය කවදා හෝ මුළු ලෝකයේම හදගැස්ම වනු ඇත.


ආගන්තුක භාෂාවක් ඉක්මනින් ඉගෙන ගන්නේ කොහොමද? අතීතයේ සිටි මිනිසුන් ෂධ් භාෂා පරමේෂ්වර වූ රහස් ක්‍රම මෙන්න.

ආගන්තුක භාෂාවක් ඉක්මනින් ඉගෙන ගන්නේ කොහොමද? අතීතයේ සිටි මිනිසුන් ෂධ් භාෂා පරමේෂ්වර වූ රහස් ක්‍රම මෙන්න. ඔබත් අලුත් භාෂාවක් ඉගෙන ගන්න උත්සහ දරන කෙනෙක්ද? එහෙනම් ඔබත් අනිවාර්යෙන්ම මේ රහස් මගීන් ඉක්මනට හොඳටම ඉගෙන ගන්න.මුලින්ම ඔබ දැනගත යුත්තේ කවර බසක් ඉගෙන ගනිද්දී උනත් බොහොම සීරුවෙන් සත්යගරුකව තමන්ට අවංකව ඉගෙන ගත යුතුය.සැම විටම වචන 50ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් අලුතෙන් සොයාගෙන හරබය දැක්වීමයි අවශ්‍යම. භාෂාව ගොඩනැගීම හා ඊට අනුව ජීවන රටාව ගොඩනැගීම තුලින් අදාළ බස හැසිරවීමේ මූලික හැකියාව ලැබේ.අනෙක් විශේෂම කරුණ වන්නේ බස හැසිරවීම ක්‍රීඩාවක් මෙන් නිරතවීම තුලින් ජීවිතයට එම භාෂාව ලං කිරීම පහසු වේ. යම් විදේශීය බාසාවක් හැසිරවීමට නිපුනතාවයක් දැක්වීමට නම් ඒ සඳහා නූතන තාක්ෂනය යොදා ගනු ලැබීම අතවශ්‍ය වේ.මල්ටි මීඩියා මෙවලම් යොදා ගත හැකිය.අන්තර්ජාලය හරහා අදාළ භාෂාව පිලිබඳ විශාල දැනුමක් ලැබේ. අපේ ජීවිතයේ බොහෝ සිදුවීම් අමතක නොවන්නේ ඒවා අත්දැකීම් ලෙසින් ජිවිතයට එක්වීමෙනි.ඒ නිසා එම බසට අදාළ කරුණුද අත්දැකීම් ලෙසිම් සිත්හි තබා ගනු ලැබේ.ඔබත් අලුතින් බසක් ඉගෙන ගන්න අයෙක්නම් එම බස හදාරන බස දත් මිතුරන් සමග ගනුදෙනු කල හැකිය.වරද්ද වරද්ද හෝ කතා කිරීම පුහුණව සඳහා මග සලසයි. ඔබත් මෙම රහස් ක්‍රම මගීන් භාෂා රැසකින් පෝෂණය වන්න...

ජංගම දුරකථනය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු.

ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබත් මේ ගැන මදක් සිතන්න. ආසාවෙන් මුදල් ටිකක් හොයාගෙන ගත්ත SMART ජංගම දුරකථනය නිසා ඔබේ අනාගතය අදුරු කරගන්නවාද? සිතන්න මොහොතක්..

 1996 වනවිට ඇමෙරිකාව තුල ජංගම දුරකථන භාවිතය මිලියන 44 ක් පමණ වූ අතර අදවනවිට එය මිලියන 330 දක්වා වර්ධනය වී ඇත.මේ වන විට මිනිස්සුන්ගේ ජනජීවිතයට බද්ධ වී ඇති ජංගම දුරකථනය සමීප මිතුරකු ලෙසින් සිටියි.එසේම ජංගම දුරකතන 2ක් හෝ ඊට වැඩි ගණනක් සැම අයෙකුම භාවිතා කරයි. එහෙත් නවීන විද්‍යාත්මක සොයා ගැනීම් හෙළි වී ඇත්තේ ඉතාමත් ඉහල සෞඛ්‍ය අවධානමක් ජංගම දුරකථන නිසා ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන්ම බොහෝ මිනිසුන් හුරුවී සිටින්නේ කමිසයේ උඩ සාක්කුවේ හෝ කලිසම් සාක්කුවේ දමාගෙන යාමටයි. මේ හේතුව නිසා ජනනේන්ද්රියට හෝ පියයුරු වලට හානි සිදුවිය හැකි බව වෛද්‍ය මතය වී ඇත.ජංගම දුරකථන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම නිසා මොළයේ පිළිකා ඇතිවීමේ අවධානමක් පවතී.

එසේම  SMART ජංගම දුරකථන නිසා නිදා ගැනීම අවම වන අතර එයින් පිටවන ක්ෂුද්‍ර තරංග මගීන් දරුවන්ට පවා අහිතකර වන සිතීමේ ශක්තිය හීන කරවන බව විද්වතුන්ගේ කතාබහට ලක්වී ඇත.

රෝග කාරක විෂබීජ ජංගම දුරකථන හරහා බෝවීමට ඇති ඉඩ කඩ වැඩිවී ඇත්තේ බස්රථ වල වැසිකිලිවලදී පවා දුරකථනය නැතිවම බැරිවීම නිසාය.තවද තරුණ තරුණියන් විසින් ජංගම දුරකථන  වලට ඇබ්බැහි වීම හේතුවෙන්ද මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වාර්තාවේ.සියදිවි නසා ගැනීම් වලට වක්‍රාකාරයෙන් දුරකථන හේතුවේ.

අනික් විශේෂම කාරණාවවනුයේ  නිරන්තරයෙන් ජංගම දුරකථනය දෙස බලා සිටීම නිසා මානසික ආතතිය හා මිග්‍රේන් තත්වයක් ඇතිවිය හැකි බවයි.
ඉහත දැක්වූ කාරණාවලින් අපට සිදුවන හානිය අවම කර ගැනීමට වාචික සංවාදයන් අඩු කිරීමකල හැකිය.එවිට විකිරණ පිටවීම අඩුවේ.හැකිතාක් කෙටි පණිවිඩ යැවීමෙන් කථනය අඩු කල හැක.එසේම මෙම හානි සඳහා EMF clothing protection තාක්ෂනය මගීන් විකිරණ පිටවීම අඩු කර ගත හැකිය. ඔබත් ජංගම දුරකතනයක් ගැනීමේදී මේ ගැන නැවත නැවත සිතා බලන්න.
© all rights reserved
made with by templateszoo