ජංගම දුරකතනයක් භාවිතා කරන ඔබත් මේ ගැන මදක් සිතන්න. ආසාවෙන් මුදල් ටිකක් හොයාගෙන ගත්ත SMART ජංගම දුරකථනය නිසා ඔබේ අනාගතය අදුරු කරගන්නවාද? සිතන්න මොහොතක්..

 1996 වනවිට ඇමෙරිකාව තුල ජංගම දුරකථන භාවිතය මිලියන 44 ක් පමණ වූ අතර අදවනවිට එය මිලියන 330 දක්වා වර්ධනය වී ඇත.මේ වන විට මිනිස්සුන්ගේ ජනජීවිතයට බද්ධ වී ඇති ජංගම දුරකථනය සමීප මිතුරකු ලෙසින් සිටියි.එසේම ජංගම දුරකතන 2ක් හෝ ඊට වැඩි ගණනක් සැම අයෙකුම භාවිතා කරයි. එහෙත් නවීන විද්‍යාත්මක සොයා ගැනීම් හෙළි වී ඇත්තේ ඉතාමත් ඉහල සෞඛ්‍ය අවධානමක් ජංගම දුරකථන නිසා ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන්ම බොහෝ මිනිසුන් හුරුවී සිටින්නේ කමිසයේ උඩ සාක්කුවේ හෝ කලිසම් සාක්කුවේ දමාගෙන යාමටයි. මේ හේතුව නිසා ජනනේන්ද්රියට හෝ පියයුරු වලට හානි සිදුවිය හැකි බව වෛද්‍ය මතය වී ඇත.ජංගම දුරකථන අනවශ්‍ය ලෙස භාවිතා කිරීම නිසා මොළයේ පිළිකා ඇතිවීමේ අවධානමක් පවතී.

එසේම  SMART ජංගම දුරකථන නිසා නිදා ගැනීම අවම වන අතර එයින් පිටවන ක්ෂුද්‍ර තරංග මගීන් දරුවන්ට පවා අහිතකර වන සිතීමේ ශක්තිය හීන කරවන බව විද්වතුන්ගේ කතාබහට ලක්වී ඇත.

රෝග කාරක විෂබීජ ජංගම දුරකථන හරහා බෝවීමට ඇති ඉඩ කඩ වැඩිවී ඇත්තේ බස්රථ වල වැසිකිලිවලදී පවා දුරකථනය නැතිවම බැරිවීම නිසාය.තවද තරුණ තරුණියන් විසින් ජංගම දුරකථන  වලට ඇබ්බැහි වීම හේතුවෙන්ද මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වාර්තාවේ.සියදිවි නසා ගැනීම් වලට වක්‍රාකාරයෙන් දුරකථන හේතුවේ.

අනික් විශේෂම කාරණාවවනුයේ  නිරන්තරයෙන් ජංගම දුරකථනය දෙස බලා සිටීම නිසා මානසික ආතතිය හා මිග්‍රේන් තත්වයක් ඇතිවිය හැකි බවයි.
ඉහත දැක්වූ කාරණාවලින් අපට සිදුවන හානිය අවම කර ගැනීමට වාචික සංවාදයන් අඩු කිරීමකල හැකිය.එවිට විකිරණ පිටවීම අඩුවේ.හැකිතාක් කෙටි පණිවිඩ යැවීමෙන් කථනය අඩු කල හැක.එසේම මෙම හානි සඳහා EMF clothing protection තාක්ෂනය මගීන් විකිරණ පිටවීම අඩු කර ගත හැකිය. ඔබත් ජංගම දුරකතනයක් ගැනීමේදී මේ ගැන නැවත නැවත සිතා බලන්න.