ඔබට රාත්‍රියේදී සුව නින්දක් ලබා ගැනීමට උපකාරී වන ස්මර්ට් උපකරණ හයක්

රාත්‍රියේදී සුව නින්දක් නොලැබීම නව දිනක් ආරම්භය සදහා සුදුසු නොවේ.නමුත් වාසනාවකට මෙන්,ඔබට රාත්‍රී සුව නින්දක් ලබාදීමට උපකාරී වන උපකරණ රාශියක් පවතීි.මෙම උපකරණ සදහා වැඩි මුදලක් වැය නොවීමද වාසියකි.
එවැනි උපකරණ වර්ග කිහිපයක් පහත සදහන් වේ.


1.විතින්ග්ස් ඕරා ස්මර්ට් නිදන පද්දතිය

මහ හඩින් මොරදෙන එලාම් ඔරලෝසුවේ ශබ්දයට අවදිවීම ඔබට හිසරදයක්ද?ඔබට නිසැකවම සරිලන උපකරනය විතින්ග්ස් ඕරා විය හැකිය.යහන අසලම ඇති මෙම යන්ත්‍රෝපාංගය මගින්,නින්දේදී ශ්‍රාවය වන හෝමෝන වර්දනය සඳහා උපකාර වන LED ආලෝකය ලබාදේ.
අවදි වීමට කාලය උදා වනවිට විතින්ග්ස් ඕරා මගින් ව්‍යාජ වූ සූර්යය උදාවක් නිර්මාණය කරයි.එමගින් ඔබට ශක්තිජනක සහ ප්‍රබෝදමත් උදෑසනක් ලබා දේ.
මෙහි ඇති ස්පීකරය මගින් 20000 ක් පමණ වූ වෙබ් රේඩියෝ නාලිකාවන්ට සවන් දීමටද හැකිය.
ඔබ නිදාගන්නා ආකාරය පිලිබඳව ඔබට වැඩිදුර දැනගැනීමට අවශ්‍යද?
විතින්ග්ස් ඕරා හි ඇති sleep sensor උපකරණය මගින්,
*ඔබ නිදාගන්නා කාලසීමාව.
*ඔබ නිදාගන්නා ආකාරයේ වෙනස්වීම්.(ගැඹුරු සහ සැහැල්ලු)
*ඔබ අවදි වන වේලාව
        සහ
*ඔබ අවදි වීමට සුදුසුම වේලාවද
             මැනගත හැකිය.
මෙට්ටය යට තබාගත හැකි මෙය විතින්ග්ස් ඕරා සමග නොමිලයේම ක්‍රියා කරයි.
විතින්ග්ස් ඕරා අප ලයිස්තුවේ ඇති අංග උපාංග කිහිපයකින්ම යුතු මිල වැඩිම උපකරණයයි.

2.මිස්ෆිට් බෙඩ්ට් sleep ට්‍රැකර් සහ වෙල්නස් කෝච්

මිස්ෆිත් ද ඔබට වඩා හොද නින්දක් ලබාගැනීමට උපකාරී වන මෙවලමකි.රාත්‍රී නිදාගැනීමේ පුරුදු පිලිබදව අවබෝදයක් ඔබට මෙමගින් ලබාදේ.
ඔබගේ මෙට්ටය යට තබා ගත හැකි පටිය,ඔබගේ ස්වසනය,හෘදස්පන්දනය,චලන,ගෙරවීම සහ එහි ශබ්දය සලකා බලා ඔබ නිදාගන්නා ආකාරය සහ එහි ගුණාත්මක භාවය පිලිබදව තොරතුරු රැස් කරයි.එම රැස් කරගත් දත්ත ඔබගේ ස්මාර්ට් දුරකථනයෙන් දෘශ්‍ය සංඛ්‍යාත සහ නිදන වගු ලෙස ඔබට ලබාගත හැකිය.
*නිදාගන්නා විට සවන්දිය හැකි සියුම් නාද
*සැහැල්ලු නින්දේදී ඔබව අවදි කරවන එලාම් නාදය
*ඔබ නිදාගන්නා ආකාරය පිලිබදව අවබෝදය සහ නිවැරදි කරගත යුතු නිදන ආකාර පිලිබද තොරතුරු ලබාදීම මෙහි ඇති තවත් විශේෂ ලක්ශනයන්‍ ය.
LED ආලෝකය හැර විතින්ග්ස් ඕරා හි ඇති සියලුම උපාංගන් මෙහිද අන්තර්ගතය.

3.සෙන්ස්

මෙය සිත්ගන්නාසුලු පෙනුමකින් යුක්තය.මෙහි ඇති වෘත්තාකාර වස්තුව ඔබගේ කොට්ටයට සම්බන්ද කර ඇති කුඩා ඒකකය සමග ක්‍රියා කරයි.උෂ්ණත්වය,ආලෝකය හා ශබ්දය ගැන සලකා බලා ,ඔබ නිදාගන්නා ආකාරය පිලිබදව සම්පූර්ණ විස්තරයක් ලබාදීම සදහා මෙම උපකරන දෙක එක්ව ක්‍රියා කරයි.
මෙහි ස්මර්ට් එලාම් එකක් සහ අවදි වීම සදහා සුදුසු මිහිරි නාද 15ක්ම ඇත.එම නාදයන් එලාමය නාද වීමට විනාඩි 30කට පෙර සිටම ඔබව අවදි කරවයි.

මෙයද ඔබගේ ස්මර්ට් දුරකතනය සමග ක්‍රියා කරන උපකරණයකි.සෑම උදෑසනකම ඔබගේ පෙරදින රාත්‍රී නින්ද පිලිබදව සියලුම දත්තයන් ඔබට ඔබේ ස්මර්ට් දුරකතනයෙන් ලබාගත හැකිය.මෙමගින් ඔබගේ දිනපතා නිදාගන්නා පිලිවෙලෙහි වෙනස්කම් ඇතිකර ගත හැකි අතර ඔබ නිදාගන්නා කාලසීමාව වඩාත් ඵලදායී එකක් බවට පත්කරගත හැකිය.

4.Phillips HF3520 wakeup ලයිට්

ආලෝකකරණය පිලිබදව කතාකිරීමේදී phillips ප්‍රදාන තැනක් හිමිකර ගනියි.ඔබට නිදාගෙනීම සම්බන්දව ගැටලු ඇතින්ම් උදෑසන අවදි වීමේ ආලෝකයක් යොදාගැනීම වඩාත් ඵලදායී වේ.
මෙහිද ,අප ඉහත සදහන් කල උපකරන සිදුකරන පරිදිම, ආලෝකය මගින්,ඔබගේ එලාමය නාද වීමට මිනිත්තු 30කට ප්‍රථම ඔබව අවදිකරවීම ආරම්භ කරයි.
*ස්වාභාවික නාද
*රේඩියෝව
*කියවීම සදහාද භාවිතා කල හැකි ආලොකය
*ප්‍රතිස්ථාපනය කල හැකි හැලජන් ලාම්පුව මෙහි ඇති තවත් උපාංගය.
අප ලැයිස්තුවේ ඇති අනෙකුත් උපකරණ තරම්ම විවිද උපාංගයන් මෙහි නොමැති වූවද phillips wake up light ඔබ අවදි කරවීමට යොදාගත හැකි හොද විසදුමකි.
එයට ප්‍රදාන හේතුව වන්නේ මෙය ඔබගේ ස්මර්ට් දුරකතනය ඔබගේ නින්දේ කොටසක් කර නොගැනීමයි.

5.ඩ්‍රිෆ් ලයිට්

මෙයද ඔබගේ නින්දට ස්මාර්ට් දුරකතනය සම්බන්ද නොකරගනියි.
එහෙත් මෙය phillips wake up light මෙන් නොව.මෙය නිර්මාණය කර ඇත්තේ ඔබ නිදාගැනීමට පෙර ඔබගේ මනස සැහැල්ලුව්කර ගැනීමට උපකාරයක් වන ලෙසය.මෙහි ඇති ආලෝකය ඔබ නිදාගෙනීමට මිනිත්තු 37කට පෙර සිටම සෙමින් අඩුවීමට පටන් ගනියි.
මිනිත්තු 37ක්?
ඒ එය ඉර බැස යෑමට ගතවන සාමාන්‍ය කාලය බැවිනි.මෙහි සාමන්‍ය ආයුශ පැය 30000 කි.එය සාමන්‍ය බල්බයකට වඩා තිස් ගුණයකි.

6.Sleep cycle alarm clock

ඔබට අමතර මුදලක් වියදම් නොකරම රාත්‍රී සුව නින්දක් ලබාගෙනීමට අවශ්‍යද?
එයට හොදම විසදුම ඔබට නොමිලයේම ලබාගත හැකි sleep cycle එලාම් ක්ලොක්‍ ය.
මෙම app එක සහිත ඔබේ ස්මර්ට් දුරකතනය ඔබ නිදාගෙනීමට පෙර ඔබගේ ඇඳ අසලින් තබන්න.මෙය විසින්ම නිවැරදි දත්ත ලබාගත් පසුව සෑම උදෑසනකම ඔබ සැහැල්ලු නින්දේ පසුවන මොහොතේදී මෙය ඔබව අවදි කරවයි.