ක්‍රිකට් පිටියේ සුපිරි වැඩ්ඩෙක් වෙන්නේ කොහොමද? ඔබත් සුපිරි පිතිකරුවෙකු වීමට කැමතිද? ලෝක පූජිත ප්‍රහාරාත්මක පිතිකරුවකු වීමේ ශිල්පීය ක්‍රමවේදය අපෙන්.

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව අතිශයින් උණුසුම් වන කාල පරිච්ඡේදයක් මේ.ලෝක කුසලානේ උණුසුම අවසන් වනවාත් එක්කම IPL තරගාවලිය ඇරඹෙනවා ඇත. මේ සියලු තරඟවල තීරණාත්මක සාධකය පිතිකරුගේ භූමිකාවයි.ඉතින්  කුමාර් සංගක්කාර ,සනත් ජයසුරිය, මහේල ජයවර්ධන වැනි සුපිරි පිතිකරු බලඇණියට අලුතින් ඔබත් එකතු වන නොවරදින මග මෙසේය.

මුලින්ම ඔබ ඉතාම හොඳින් පන්දුව නිරීක්ෂනය කල යුතුය.මෙහිදී පන්දුව පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන මොහොතේම ඉතාම ක්ෂණික ලෙස  පහර තීරණය කල යුතුය.එසේම පන්දුව දෝලනය වන ස්ථානය තියුණු ලෙස සැලකිය යුතුය.

මින් පසුව ඔබ ඉතාම හොඳින් එල්ල කලයුතු පහර තීරණය කිරීම වැදගත් වේ.පන්දුවේ ස්වභාවය අනූව පාද ඉදිරියට හා පසුපසට චලනය කරමින් පන්දුව මනාව පාලනය කරමින් පහර දිය යුතුය.

විශේෂම කරුණ වන්නේ පිත්ත හැසිරවීම වේ.පිත්ත ඉදිරියට හෝ පැත්තට චලනය කරමින් පන්දුව නිවැරදි තැන්වලට ස්ථාන ගත කල යුතුවේ.අනික් කරුණ වන්නේ නිවැරදි ලෙස කාල ගණනය කිරීමයි.ප්‍රමාදය ඔබ දැවුණු ක්‍රීඩකයකු කරවයි.
එසේම විකට්ටුවේ සිටින විට සමතුලිතතාවය පවත්වා ගැනීමත් අවම දුරක් පවත්වා ගැනීමත් වැදගත් වේ.තවද පන්දුව හඳුනා ගැනීම වැදගත්. මානසික එක්ග්රතාවය පවත්වා ගෙන කඩුල්ලේ රැඳී සිටීම අවශ්‍ය වේ.

පන්දුවට මූණදීමකදී මුලින්ම හිස චලනය කර පසුව දෙපා චලනය කිරීම දක්ෂ පිතිකරුවකුගේ ලක්ෂණයකි.

ඉහත උපදෙස් පිළිගෙන ඔබත් විශිෂ්ට පිතිකරුවෙකු වන්න.ඔබේ පිතිහරඹය කවදා හෝ මුළු ලෝකයේම හදගැස්ම වනු ඇත.