ඔබේ වටිනා ශුක්‍රාණුවට වටිනා මිලක් ලැබෙන අවස්ථාවක්... ඔබේ එකම එක ශුක්‍රාණුවක් දන්දී මෙලොවදීම විපාක දෙන මා හැඟී පුණ්‍ය කර්මයට දායක වන්න .. ශුක්‍ර දායකයකු වන්නේ කොහොමද? ඔබ නොදත් දෙයක් මේ.. ඕනෑම කොල්ලෙක් පැමිණීමත් පැමිණීමත් එක්කම ශුක්‍රානු විමෝචනය වීම පටන් ගන්නවා.එත් හැම කෙනෙක් ගෙන් පිටවන හැම ශුක්‍රානුවක්ම දරුවෙක් හදන්න තරම් ප්‍රාණවත් නැති අවස්ථා ගොඩයි.අනික් දේ තමයි සමලිංගික කාන්තාවෝ දෙන්නෙක් කසාද බැඳලා දරු පැටියෙක් හදාගන්න යද්දී ශුක්‍රානු ටිකක් ඕනේ වෙද්දී තමයි එලොව පොල් පෙන්නේ.කසාද බඳින්නත් අකමැති ලිංගික කාර්යය එපා වෙච්ච කාන්තාවකට දරුවෙක් හදන්න ශුක්‍රානු ටිකක් දෙන්න ඔයාලටත් පුළුවන්.ඔබේ වටිනා ශුක්‍රාණුවට වටිනා මිලක් ලැබෙන අවස්ථාවක්... මේවනවිට ලෝකයේ දරුවන් බිහි කිරීම සඳහා ශුක්‍රානු ලබා ගන්නා ස්ථාන ඇත.මේවා ශුක්‍රාණු බැංකු ලෙස හඳුන්වයි.ශුක්‍රානු දායක කිරීමට පෙර මුලින්ම ඔබ ශුක්‍රානු පරිත්‍යාග කිරීමට සුදුස්සෙක් විය යුතුය. ශුක්‍රානු දායක කරන තැනැත්තා හොඳ සෞඛය තත්වයකින් පසු විය යුතුය. විශේෂයෙන් ලිංගිකව බෝවන රෝග වලින් පීඩා විඳින්නකු නොවිය යුතුය.HIV ,සිපිලිස් ,ගොනෝරියා වැනි රෝග වලින් තොර විය යුතුය. එසේම විශේෂ වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරනු ලැබේ. රුධිර සාම්පල පරීක්ෂා කරනු ලබන අතර ශුක්‍රානු සාම්පලයක් පිරික්සීමේදී මිලිමීටරයක් තුල ශුක්‍රානු මිලයන 60ක් පමණ අඩංගු විය යුතුය. වැදගත්ම කාරණාව වන්නේ ශුක්‍රානු වල සචලතාවය70%ක් විය යුතු අතර සාමාන්‍ය ක්‍රියාකාරීත්වය 60% ට වැඩිවිය යුතුම වේ.එසේම ශුක්‍රානු ගුණාත්මක හා ශක්තිමත් විය යුතුමය. ශුක්‍ර ධාතු දීමේදී රුධිර ගත අබාධ වලින් වැලදී නොතිබිය යුතුය.හිමොෆීලියව,ඇනීමියාව වැනි රෝග නොසෑදී සිටිය යුතුය. එසේම ශුක්‍රානු දායක කරන්නකු වයස අවුරුදු 40ට අඩු විය යුතුය.සමබල ආහාර වේලක් හා කායික යෝග්‍යතාව හොඳින් පවතින අයට පමණක් පුං ජන්මානු හෙවත් ශුක්‍රානු දෙන්න පුළුවන් වේ. ශුක්‍රානු සාම්පලයක් සඳහා විදෙස් රටවල්වල ලංකා මුදලින් රු.7000ත් රු.14000ත් අතර මුදලක් ගෙවනු ලැබේ. ශුක්රානුවක් ප්‍රදානය කිරීමක් කියන්නේ තමන්ට පරම්පර්වෙන් ලැබුණු ජානමය ලක්ෂණ පවා ලබාදීමකි.ඒ නිසා දායක කරන තැනැත්තාගේ උස 5'10" ත් 6'2", අතර විය යුතුය.ප්‍රවේනික ආබාධ වලින් තොර වීම අතිශයින් වැදගත් වේ. හොඳ අධ්‍යාපන පසු බිමක් හා බුද්ධිමට්ත් අයෙකු වීම තමාගේ ශුක්‍රානු වලින් බිහිවන දරුවාගේ අනාගත පැවැත්මට අවශ්‍ය වේ. එසේම මෙහිදී සිදුවන ක්‍රියාදාමය පිලිබඳ අවබෝධයෙන් සිටිය යුතු අතර තම ඒ පිලිබඳ සම්මුඛ සාකච්ඡාවක් අදාල අය සමග පවත් විය යුතුය. ලබාදෙනු ලබන ශුක්‍රාණු සම්පලයේ ගුණාත්මක බාවයද අවධානය යොමු කලයුතුම අංගයක් වේ.ශුක්රානුවල ගුණාත්මකබාවය වැඩිකිරීමට සින්ක් , සෙලේනියම් , ෆෝලික් අම්ලය , විටමින් E හා L-කානිටින් වැනි සංයෝග බාහිරින් හෝ ලබාගැනීම සිදුකළ යුතුය. මෙවැනි අවශ්‍යතා ගණනාවක් සම්පූර්ණ කිරීමෙන් ශුක්‍ර දායකයෙක් ලෙසින් ඔබට තවත් ජීවිත වලට නැවුම් බලාපොරොත්තු එක් කල හැකිය.ඒ පින සදාකල් ඔබ සැපවත් කරනු නිසැකය.